උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පීඩා විඳිමින් දහසක් බාධක කම්කටොළු මැද්දේ දිවිගෙවන – වගාකඩ සඳුනිකා දියණිය සා.පෙළ කඩඉම සාර්ථකව ජයගනී

143

උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පෙළෙන කුරුණෑගල, වගාකඩ ප‍්‍රදේශයේ පදිංචි සඳුනිකා වින්ද්‍යා පසුගිය වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 1 ක්, B සාමාර්ථ 4 ක්, C සාමාර්ථ 3 ක් සහිතව සමත්වී තිබේ.

වගාකඩ විමලසුරේන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සඳුනිකා ගීත ගායනයට දක්‍ෂය.

අපොස සාමාන්‍ය පෙළ සමත්ව සතුට සැමරූ ඇයගේ එකම බලාපොරොත්තුව පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමය.

සිරිල් රාජපක්‍ෂ, චන්ද්‍රකාන්ති රාජපක්‍ෂ මවුපිය යුවළට දාව මෙලොව එළිය දුටු සඳුනිකා හට වසර ගණනාවක් තිස්සේ බටහිර හා ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා රැුගෙන ගියද එය සුවකළ නොහැකි රෝගයක් බව වෛiවරුන් ප‍්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන් ඇය මේ දක්වා තම දෛනික කටයුතු සිය මවුපියන්ගේ උපකාර උපස්ථාන මධ්‍යයේ සිදුකරගෙන යන්නීය. කෙතරම් බාධක කම්කටොළු පැමිණියත් ඇය තම අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කරගත්තේ නැත.

කලක් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සඳුනිකාගේ පියා එයින් ඉවත් වී කුලී රැුකියාවල නිරත වෙමින් තම දියණියගේ අනාගතය වෙනුවෙන් කැපවෙති.

මෙහිදී අදහස් දැක්වූ සඳුනිකා වින්ද්‍යා මෙසේ පැවැසුවාය.

අපොස සාමාන්‍ය පෙළ මම පාස්. ඒ සතුට කියන්න බැරි තරම්. මට කියන්න තියෙන්නේ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. හිතේ හයිය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මගේ අනාගත බලාපොරොත්තුව පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්නයි. ඉතිං පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉදිරියට යන්න උදව් කරන්න. ලොකු පිනක්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment