උපන්දිනයට තෑග්ගක් දෙන්න කියා කතා කර 15 හැවිරිදි දැරියට හදි කරලා

1018

* 24 හැවිරිදි තරණයා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාල වයස්කාර තරුණියකට උපන් දිනයට තෑග්ගක් දීමට බව පවසමින් ඇයව සිය නිවසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් කළ විසිහතර හැවිරිදි තරුණයෙක් බියගම පොලිසිය මගින් පෙරේදා (18 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

සිය මව එවකට විදේශ රැකියාවකට  ගොස් සිටි අවස්ථාවේ මෙම තරුණිය හා ඇයගේ බාල සොහොයුරා ආච්චි අම්මාගේ නිවසේ සිටිය දී ඇය මේ අතවරයට ලක් වී ඇත.

ඉකුත් 2019 වසරේ මාර්තු 31 වැනිදා මෙම තරුණිය දහම් පාසල් ගොස් ආපසු නිවස වෙත එමින් සිටිනවිට එම තරුණයා ඇයගේ උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසා ඔහුගේ නිවසට රැුගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇතැයි පැවසෙයි.

ඉන් පසුව කීපවතාවක්ම මෙම බාල වයස්කාර තරුණිය එම තරුණයා සමග එකට ඉඳ තිබෙන අතර ඉකුත් 15 වැනිදා අලූයම ඇය විසින් නිවසේ තිබූ ජංගම දුරකථනයකින් එම තරුණයාට ඇමතුමක් ලබා දුන් බවට දැන ගැනීමට ලැබීමත් සමගම මේ සිද්ධිය අනාවරණය කර ගැනීමට පවුලේ අයට හැකි විණි.

එම තරුණයා හා තරුණිය ගම්පහ රජයේ මූලික රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ හා උප පොලිස් පරීක්ෂිකා හේවගේ යන නිලධාරීහු මේ සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ඒ එම්. ඞී. තිලකනාත් හා සැරයන් චන්දසිරි (48891) යන නිලධාරීහු අත්අඩංගුවට ගත් මේ තරුණයා මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඞී. විතාන හා  බියගම සුදත් පුබුදු කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment