උපන්දින සාදය සැමරීමට ගොස් ඇබර්ඩින් දිය ඇල්ලට බිලිවෙයි

647

මිතුරෙකුගේ උපන්දින සාදය සැමරීමට නෝටන්බි්‍රජ් ඇබර්ඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු ඇල්ලෙහි ගිලී 28දා අතුරුදන්වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

මෙසේ ඇබර්ඩින් දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වී ඇත්තේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායේ ඉහළ කොටසේ පදිංචි ක්‍රිෂ්ණන් විනුෂාන් නමැති 17 හැවිරිදි තරුණයෙකි.

දියේ ගිලී අතුරුදන්වී ඇති තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙළෙඳසැලක වෙළෙඳ සේවකයෙකු වශයෙන් කටයුතු කරන බවත්, එම වෙළෙඳසැලේ සේවය කරන තවත් සේවකයකුගේ උපන් දිනය 28දාට යෙදී ඇති නිසා එම උපන් දිනය සැමරීමට එම වෙළෙඳසැලේ සේවය කරන සේවකයන් දෙදෙනකු සමඟ ඇබර්ඩින් දියඇල්ල අසලට ගොස් දිය නෑමට ඇල්ලට බැස ඇති අවස්ථාවේ 28දා උදෑසන 11.00 ට පමණ ක්‍රිෂ්ණන් විනුෂාන් දියේ ගිලී අතුරුදන් වූ බවයි ඔහුගේ මිතුරන් කියා සිටියේ.

ඇබර්ඩින් දියඇල්ල පාමුල දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment