උපන් ගමන් බිළිඳාගේ ඝාතනයට පස් වසරකට පසු දොස්තර මාට්ටු

667

මීට පස් වසරකට පෙර අලුත උපන් බිළිඳු පිරිමි දරුවකු ගෙල මිරිකා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව කියන වෛද්‍යවරයකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මහනුවර මහ රෝහලට අනියුක්තව රාජකාරි කරමින් සිටි අතර සැකකරු මඩකලපුව සයින්දමරුදු කළ්‍යාණ පාර ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගිය බිළිඳාගේ මළසිරුර ඉකුත් 2017 වසරේදී මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ ළිඳක තිබී පොලිසියට හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු අනාවරණය වූ කරුණු මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාලයේ සැකකාර වෛද්‍යවරයා සිය බිරිඳ සමඟ මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී ඇත. එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවස තුළදී බිහි කළ දරුවකු මෙසේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව හෙළි වී තිබේ.

සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment