උපන් දවසට අනුව ගති පැවතුම්

1472

යමෙකුම ලොව උපන් දවස අනුව ඔවුන් ඔවුන්ගේ ගති ලක්ෂණ හා පැවතුම් විවිධ ආකාර වේ. රවි, සඳු, අඟහරු, බුධ, බ‍්‍රහස්පති, සිකුරු සහ සෙනසුරු යන ග‍්‍රහයන්ට සතියේ දවස් හත වෙන් වෙන් වශයෙන් ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

ඉරිදා උපන් අයකු නම්.

රවිට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය සමාජය තුළ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට රුචිකත්වයක් දක්වති. කිසිවකුටත් දෙවැනි නොවන ගති ලක්ෂණ ඇති තම පේ‍්‍රමයේ දී දැඩි අහංකාර බවක් පෙන්නුම් කෙරේ. උෂ්ණාධික රෝගවලට භාජනය වීමේ ප‍්‍රවණතාව වැඩි බවක් පෙන්නුම් කෙරේ.

සඳුදා උපන් අයකු නම්

සඳුට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය ප‍්‍රසන්න පෙනුමකින් සහ නිහතමානී ගති පැවතුම්වලින් යුක්ත අයවේ. ප‍්‍රසිද්ධියේ පේ‍්‍රම කිරීමට මැලිකමක් දක්වති. එදිනෙදා වැඩකටයුතුවලදී මන්දගාමී තත්ත්වයක් ඉල්ලූම් කරති. මෙම අය සෙම් රෝගවලට නිතරම භාජනය වේ.

අඟහරුවාදා උපන් අයෙක් නම්

කුජට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අයකු නම් හිතුවක්කාර ගති පැවතුම් පෙන්නුම් කරන අයෙකි. තම පේ‍්‍රමය දී සුළු දෙයකට වුවත් කෝප වන මෙවැනි අය එක පේ‍්‍රම සම්බන්ධතාවයකින් සෑහීමකට පත් නොවේ. එම නිසා නීතිමය ගැටලූවලට පවා මුහුණ දීමට සිදුවේ. ලේ දූෂිත වීමෙන් චර්ම රෝග හට ගැනීමට වැඩි ප‍්‍රවණතාවක් ඇත.

බදාදා උපන් අයකු නම්

බුධට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය කථිකත්වයට දක්ෂ හා තීක්ෂණ බුද්ධියකට හිමිකම් කියන අය වෙති. නිතර පොත පත කියවීමට හා ලේඛන කලාවට රුචිකත්වයක් දක්වති. පේ‍්‍රමයට වැඩි රුචිකත්වයක් නොදක්වයි. වැඩ රාජකාරි කටයුතුවලදී පවා වැඩි කඩිසර කමක් උනන්දුවක් නොදක්වයි.

බ‍්‍රහස්පතින්දා උපන් අයකු නම්

ගුරුට හිමි මෙම දවසේ උපන් අය තම ආත්ම ගෞරවය රැක ගැනීමට විශාල උනන්දුවක් දක්වති. ආත්ම ගෞරවය රැකෙන පරිදි පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිකර ගන්නා මොවුන් විවාහයෙන් පසු වාසනාවන්ත දරු සම්පත් ලැබීමට ද හිමිකම් කියනු ලැබේ. තවද ධර්මානුකූලව තම ජීවින රටාව ගෙන යෑමට උත්සාහ ගනියි.

සිකුරාදා උපන් අයකු නම්

සිකුරුට හිමි මෙම දවසේ උපන් අය ප‍්‍රියමනාප රූසපුවකට හිමිකම් කියනු ලැබේ. තම පේ‍්‍රමය විනෝදකාමී ලෙස පවත්වාගෙන යයි. සමාජය තුළ කැපී පෙනෙනු අයෙකු වශයෙන් ද ජීවත්වීමට උත්සාහ කරයි. විවාහයෙන් පසු දූදරුවන්ගේ සත්කාර සැලකිලි ලැබීමට වාසනාව තිබේ. සෙම් රෝග වැනි ආබාධ ඇති වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරයි.

සෙනසුරාදා උපන් අයකු නම්

සෙනසුරුට හිමි දවස වශයෙන් මෙම දවසේ උපන් අය නිතර කලකිරුනු ස්වභාවයකින් ජීවත් වෙති. පේ‍්‍රම සම්බන්ධතාවලදී සිත් තැවුල් ඇති කරගනී. එහෙත් ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වති. විවිධ වාත රෝගාබාධයන්ට ලක් වීමට ඉඩකඩ තිබේ.

ඉහත දැක්වෙන දින අධිපති ග‍්‍රහයන්ගේ බල දුබලතා මත හා අසුබ ග‍්‍රහයන්ගේ යෝග බලය මත ගති පැවතුම් වෙනස් විය හැකිය.

ගුප්ත විද්‍යා හා ජෝතිෂවේදී
ජේ. එම්. ජයන්ත ඒකනායක.

advertistmentadvertistment
advertistmentadvertistment