උපන් දිනයට අපූරු තෑග්ගක්: අනිල් භාරතී නමින් පාරක්

288

අනිල් භාරතී රසිකයන් ගීතයෙන් සුවපත් කළා – නන්දන ගුණතිලක

පුරා දශක පහකට අධික කාලයක් මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතාගේ 72 වැනි උපන් දින සැමරුම නිමිත්තෙන් ඔහු පදිංචිව සිටින පානදුර කුරුප්පුමුල්ල නිවස අසල මාර්ගය ‘අනිල් භාරතී පෙදෙස’ ලෙස නම් කිරීමේ උත්සවයක් 8 වැනිදා පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

පානදුර නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම අනිල් භාරතී කලාකරුවන් පිළිගෙන පෙරහැරකින් ඔහු කැඳවාගෙන ආහ.

පසුව අනිල් භාරතී මහතාගේ ආරාධනයෙන් පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා විසින් පෙදෙසේ නාම පුවරුව විවෘත කරන ලදී.

උපන් දිනයට අපූරු තෑග්ගක්: අනිල් භාරතී නමින් පාරක්

පැවති කෙටි උත්සවය ඇමතූ පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා

”පානදුර නගර සභාව විසින් මාර්ග රැුසක් කලාකරුවන් සිහිපත් කොට නම් කිරීමට තීරණය කොට ඇති බවත් අනිල් භාරතී කලා ශිල්පියා මෙරට සුවහසක් රසික රසිකාවියන් ගීතයෙන් සුවපත් කළ කලා ශිල්පියකු බවත් පැවසීය.

පානදුර ප‍්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මහත්මිය පැවසුවේ කෙනෙකු ජීවත්ව සිට සිටින විට ලබා දෙන උපහාරය ඉතා වටිනා බවය.

ගායක ගායිකා සංගමය නියෝජනය කරමින් එහිදී සභාව ඇමතූ ප‍්‍රවීණ ගායන ශිල්පී ජානක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ අනිල් භාරතී මහත්මා නිහතමානී පරිත්‍යාගශීලී කලාකරුවකු බවය.

අනිල් භාරතී මහතාගේ 72 වැනි උපන් දිනය සැමරීමට කේක් ගෙඩියක් කැපීම ද එහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ජගත් අංගගේ, පානදුර නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් වන ජානක සොයිසා වික‍්‍රමසිංහ, අශෝකා රත්නමාලි, කුමුදු ප‍්‍රනාන්දු, ලලින් රොද්‍රිගෝ, පද්මා කොස්තා, කලා ශිල්පී ප‍්‍රියන්ත සෙනෙවිරත්න, හෙලන් අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පානදුර දීපිකා කාරියවසම්, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment