උපයෝගිතා කොමිසමේ සභාපතිගේ වැඩ තනි මතයට – කංචනගෙන් ජනපතිට පැමිණිලි

134

මහජන උපයෝගිතා කොමිසම තනි පුද්ගලයකුගේ මතයට ක්‍රියාකරන බවත් ඒ සඳහා සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සභාපතිවරයා සමග සාමාජිකයන් සිව්දෙනකු කොමිසමේ සිටින බවත් සභාපතිවරයා අනෙක් නිලධාරීන්ගෙන් විමසීමක් නොකර තනි මතයට කටයුතු කරන පුද්ගලයකු බව පෙනී ගිය බවත් ඇමැතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානුව තුළ අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණත් විදුලි බිල සංශෝධනයක් නොකර අඛණ්ඩව විදුලිය ලබාදිය නොහැකි බවත් ඇමැතිවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment