උපරිම මිලක් පැනවීමත් සමඟ දේශීය සහල් වාෂ්ප වෙයි රට සහල් නහුතෙට නගී

357

දේශීය සහල් සඳහා රජය මගින් උපරිම සිල්ලර මිලක් නියම කිරීම හේතුවෙන් රට පුරා තොග හා සිල්ලර වෙළෙඳුන් දේශීය සහල් අලෙවියෙන් ඉවත්වීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට වෙළෙඳපොළේ ආනයනික සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඉකුත් සතියට සාපේක්‍ෂව ආනයනික සහල් කිලෝග්‍රෑමයක මිල මේ වනවිට රුපියල් 20-30 අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් සහල් ආනයනකරුවෝ සුළු පිරිසක් අසීමිත ලාභයක් ලබමින් සිටිති.

ආනයනික සහල්වල රේගු ලේඛනය පරීක්‍ෂා කර උපරිම සිල්ලර මිලක් නියම කිරීම ඉතා පහසුවෙන් කළ හැකි වුවත් රජය එම කටයුත්ත හිතාමතාම මගහරිමින් සහල් ආනයනකරුවන්ට සිතැඟි පරිදි පාරිභෝගිකයන් සූරා කෑමට අවස්ථාව සලසා දී ඇතැයි තොග වෙළෙන්දෝ චෝදනා කරති.

රජය මැදිහත්වී ආනයනික සහල් මිල පාලනය කිරීමට වහා පියවර නොගතහොත් දේශීය සහල් මිල පාලනය කිරීමට ගත් උත්සාහයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන අතර වැඩි මිලට අලෙවි වූ දේශීය සහල් මිල ද ඉක්මවා ආනයනික සහල් අලෙවි වීමේ අවදානමක් දැනටමත් වෙළෙඳපොළ තුළ හටගෙන ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment