උපාලි කන්සියුමර් ප්‍රඩක්ට්ස් හි නවතම නිෂ්පාදනය ‘Sikuru DEEP CLEAN ‘වෙළෙඳපොළට හඳුන්වා දෙයි

138

උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේ නවතම නිෂ්පාදනය වන ‘Sikuru DEEP CLEAN’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පසුගියදා උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී ‘Sikuru DEEP CLEAN’ හඳුන්වාදීම සිදු කෙරිණි.

‘Sikuru DEEP CLEAN’ Cinamon & Clove සහ Lime යන වර්ග දෙකකින් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගික ජනතාවට .Sikuru DEEP CLEAN. නිෂ්පාදන වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ. .Sikuru DEEP CLEAN. හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි මූල්‍ය කළමනාකරු කිංස්ලි ජයවර්ධන, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි නිෂ්පාදන කළමනාකාරිනී කේ. එම්. ඉරුකා උදයන්ති, සිලෝන් චොක්ලට් සමාගමේ සාමාන්‍යාධිකාරි (අලෙවි) ඉන්දික රණසිංහ, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) නිශාන්ත කරුණාසේකර, උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම, සිලෝන් චොක්ලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි පී. කේ. ඞී. සමන්ත යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment