උපාය මාර්ගික ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට නව ජනපතිට ජනවරමක් ලැබී නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

103

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට මිස ‘විදුලිබල මණ්ඩලය 8ට කඩා විකිණීමට’ නොවන බවත් ඒ ජනවරම අනුව, පත් කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට කිසිසේත්ම වරමක් ලැබී නැති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

උපාය මාර්ගික ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට නව ජනපතිට ජනවරමක් ලැබී නෑ - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

පසුගියදා රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘කෑගල්ල සම්ප්‍රාප්තිය‘ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ඉන්දියාව විශාල වෙළෙඳ පොළක්. ඒ නිසා මේකේ වක්‍ර වාසිය තමයි මහා කර්මාන්තකරණයකට පාර කැපෙන එක කියා. මොන කර්මාන්තෙ ද ආවේ? ඉන්දියාවේ ඉන්න කට්ටියක් නම් ඇවිල්ලා මෙහේ පරණ යකඩ ටික එකතු කරලා ඒක පොඩියට ඝන කරලා ඉන්දියාවට යවනවා. ඒ වගේ කර්මාන්ත දෙක තුනක් තියෙනවා. වෙන නැහැ. විදේශ ආයෝජකයෝ ආවෙත් නැහැ.

මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න යන ආර්ථික විශේෂඥයන් අතර ඉන්නවා යහපාලන කාලයේ හිටපු මහ බැංකු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. කවුරුත් පිළිගන්නේ එතුමා හොඳ ආර්ථික ඥානයක් තියෙන කෙනෙක් හැටියට. නමුත් එතුමාගේ කාලයේ තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වැඩිපුරම ගත්තේ. එතුමාට ආර්ථික විද්‍යාඥයෙක් හැටියට තේරුනේ නැද්ද, මෙපමණ ණය

තොගයක්, මෙපමණ කෙටි කාලයකදී මෙපමණ පොලියකට ගත්තාම රටකට වැඩිදුර යන්න වෙන්නේ නැහැ කියලා. නොතේරෙනවා නොවෙයි. මේ තමයි ‘වලට’ වට්ටන විදිහ. කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන දාහත දක්වා වැඩි කළාම ඒ ණය ගෙවන එක අමාරු වෙනවා. අමාරු වෙනකොට හිරවෙනවා. හිර වෙනකොට බෙල්ලෙන් අල්ලලා ෂඵත්‍ එකට ගැට ගහලා තියාගන්න පුළුවන් වෙනවා. ආන්න දැන් ඒ මහත්තයාත් යනවා ෂඵත්‍ එකත් එක්ක සාකච්ඡා කරන ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට. ඒ විදිහට මේවා පිටිපස්සේ තියෙන්නේ මොන විදිහේ කතාවක් ද, කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ජපානය දියුණු වුණේ කොහොමද? තරුණයෙක්ගේ ඔළුවට එනවා අදහසක්. ඔහු ඒ අදහස සංකල්පගත කරලා කොලයකට අරන් යනවා බැංකුවට. බැංකුවේ මහත්තුරු බලනවා, ‘මේක පැළ කරන්න පුළුවන් අදහසක්ද?’ කියලා. පැළ කරන්න පුළුවන් නම් බැංකුව ගන්නවා අවදානම. ඉල්ලපු මුදල දෙනවා තරුණයාට. දීලා නිසි පසු විපරමක් කරනවා. අර තරුණයාගේ ඔළුවේ තිබුණු අදහස ප්‍රායෝගිකව මහපොළොවේ පැළවෙනවා. ඉන් පසුව බැංකුව තමන්ගේ ණය අය කර ගැනීමත් නිසි පරිදි කරනවා. මේ විදිහට අපේ තරුණයකු ගියොත් අපේ බැංකුවකට මුළු සේසතම ඇපයට තිබ්බත් ණය ලැබෙන්නේ නැහැ. මේ බැංකු සංස්කෘතිය වෙනස් කරන්නේ නැතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සංස්කෘතියක් බලගන්වන්න බැහැ. ඒ වික්‍රමසිංහ මහත්තයාට ලොකු ලොකු වැඩ කරන්න වරමක් නැහැ. එතුමා ඡන්දෙන් ආපු ජනාධිපති නොවෙයි, අඩුම තරමින් ඡන්දෙන් ආපු මන්ත්‍රීවත් නොවෙයි. එතුමා පත්කළ මන්ත්‍රී. පත්කළ මන්ත්‍රී, පත්කළ ජනාධිපති වුණාම, පත්කළ අරමුණට සරිලන දේ මිස ඊට වඩා ලොකු ලොකු දේවල් කරන්න යන්න බැහැ. ජනවරම තිබුණේ සෞභාග්‍යයේ දැක්මටනේ. ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කරලා. ඒකේ ලියලා නැහැනේ, ‘විදුලිබල මණ්ඩලය 8ට කඩලා විකුණනවා‘ කියලා. දැන් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොරොච්චෝලේ වෙනම විකුණන්න, ලක්ෂපාන වෙනම විකුණන්න, අනිත් ජල විදුලි බලාගාර වෙන වෙනම විකුණන්න හදනවා. ජනවරමේ නැති දේවල් කරන්න පත්කළ ජනපතිට කිසිදු වරමක් නැහැ. ඒ නිසා අපි කියනවා, ‘මේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථානවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා වික්‍රමසිංහ මහත්තයෝ‘ කියලා. මිනිස්සු බඩගින්නේ තමයි ඉන්නේ. නමුත් ඔවුන් බඩගින්නෙ ඉඳගෙන හරි රට ගැන හිතනවා. ඒ මිනිස්සු ඉන්නකම් ඒ අපරාධය කරන්න බැහැ යැයිද ඔහු කීය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment