උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි නවතම නිෂ්පාදනය ‘Sikuru DEEP CLEAN’ වෙළෙඳපොළට හඳුන්වා දෙයි

200

උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේ නවතම නිෂ්පාදනය වන ‘Sikuru DEEP CLEAN’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. ‘‘කොවිඞ් 19’’ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පසුගියදා උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී ‘Sikuru DEEP CLEAN’ හඳුන්වාදීම සිදු කෙරිණි.

උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි නවතම නිෂ්පාදනය 'Sikuru DEEP CLEAN'  වෙළෙඳපොළට හඳුන්වා දෙයි

‘Sikuru DEEP CLEAN’ ක්‍සබබ්පදබ * ක්‍කදඩැ සහ ඛසපැ යන වර්ග දෙකකින් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ‘Sikuru DEEP CLEAN’ නිෂ්පාදන වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ. ‘Sikuru DEEP CLEAN’ හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ (ඡුායාරූපයේ වමේ සිට) උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි මූල්‍ය කළමනාකාරු කිංස්ලි ජයවර්ධන, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි නිෂ්පාදන කළමනාකාරිනී කේ. එම්. ඉරුකා උදයන්ති, සිලෝන් චොක්ලට් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ඉන්දික රණසිංහ, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්ස්හි සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)නිශාන්ත කරුණාසේකර, උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම, සිලෝන් චොක්ලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි පී. කේ. ඞී. සමන්ත යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.

ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment