උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් හෙට

93

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 ඉරිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත.

11 වැනි සිකුරාදා පෙ.ව. 9.00 ට මට්ටක්කුලිය කාමලයිට් දේවස්ථානය ඉදිරිපිට ඩිමැසනඞ් හවුස්හි දේව මෙහෙයක් පැවැත්වේ. 13 වැනි ඉරිදා කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයට උදෑසන 10.00 ට බුද්ධ පූජා පිංකමක් සිදු කරන අතර, කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 10 දෙනකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.30 සිදු කෙරේ.

මීට සමගාමීව එදින උදෑසන 9.00 සිට ලේ දන්දීමේ පිංකමක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එදින දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් ද සිදුකෙරෙන අතර සවස 6.00 ට කැලණිය රජමහා විහාරයේදී බෝධි පූජාවක් සහ පහන් පූජා පිංකමක් මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටිය මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

උපාලි කන්සියුමර් සමාගමේ සේවක පිරිසගේ අනුග‍්‍රහයෙන් දහවල් 12.30 ට ජාඇල බෝයිස් ටවුන්හි ළමා නිවාසයට දිවා ආහාර ලබාදීම ද සිදුකෙරේ.

කුණ්ඩසාලේ, ගල්මඩුව යන ප‍්‍රදේශවල විවිධ අන්දමින් ආබාධිතව සිටින අයට දානය පිරිනැමීම සිදු කෙරේ.

මහනුවර මුල්ගම්පොල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය ලබාදීමේ පුණ්‍යකර්මයක් ද කුණ්ඩසාලේ සිලෝන් චොක්ලට් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන අතර සවස 4.30 සිට සිලෝන් චොක්ලට් කර්මාන්තශාලා පරිශ‍්‍රයේ බෝධි පූජා පිංකමක් පැවැත්වේ.

කැන්ඩොස්, ඩෙල්ටා, සබන් සහ ‘දිවයින’ පුවත්පත් නියෝජිතවරුන් විසින් සපුගොඩ, කඹුරුපිටිය විiානිකේත පිරිවෙන් විහාරයේදී බෝධි පූජාවක් සහ පහන් පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment