උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් රටපුරා

54

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 සඳුදාට යෙදී ඇත.

මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත.

සඳුදා උදේ 9.00 ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථානයේ පැවැත්වෙන අතර කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයට උදෑසන 10.00ට බුද්ධ පූජා පිරිනැමීමේ පිංකමක් සිදු කරන අතර, කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 10 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 10.30ට සිදු කෙරේ.

එදින දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් ද සිදුකෙරෙන අතර සවස 6.00ට කැලණිය රජමහා විහාරයේදී බෝධි පූජාවක් සහ පහන් පූජා පිංකමක් මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

උපාලි කන්සියුමර් සමාගමේ සේවක පිරිසගේ අනුග්‍රහයෙන් දහවල් 12.30 ට ජාඇල බෝයිස් ටවුන්හි ළමා නිවාසයට දිවා ආහාර ලබාදීම ද සිදුකෙරේ.

මහනුවර මුල්ගම්පොල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය ලබාදීමේ පුණ්‍යකර්මයක් ද කුණ්ඩසාලේ සිලෝන් චොක්ලට් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර සවස 4.30 සිට සිලෝන් චොක්ලට් කර්මාන්තශාලා පරිශ්‍රයේ බෝධි පූජා පිංකමක් සහ කවි බණ දේශනයක් පැවැත්වේ.

සවස 5.15 ට කැලණි රජමහා විහාරයේ ධාතු මන්දිරයේදී බුද්ධි පූජා පිංකමක් සිදු කෙරේ.

කැන්ඩොස්, ඩෙල්ටා, සබන් සහ ‘දිවයින’ පුවත්පත් නියෝජිතවරුන් විසින් සපුගොඩ, කඹුරුපිටිය විද්‍යානිකේත පිරිවෙන් විහාරයේදී බෝධි පූජාවක් සහ පහන් පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment