උපාලි සමූහ ව්‍යාපාරයේ හෝමාගම කාර්මාන්තශාලා පරිශ‍්‍රයට බුදු මැඳුරක්

92

හෝමාගම, ගලවිලවත්ත පිහිටි උපාලි සමූහ ව්‍යාපාර කර්මාන්ත ශාලා පරිශ‍්‍රය සඳහා බුදු මැඳුරක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු ඉකුත්දා සිදු කෙරිණි.

උපාලි සමූහ ව්‍යාපාරයේ හෝමාගම කාර්මාන්තශාලා පරිශ‍්‍රයට බුදු මැඳුරක්

ගලවිලවත්ත කර්මාන්ත ශාලා සේවක මඬුල්ලේ දායකත්වයෙන් හා උපාලි සමූහ ව්‍යාපාර කළමනාකාරීත්වයේ ප‍්‍රතිපාදන දායකත්වයෙන් බුදු මැඳුර ඉදි කරනු ලැබීය. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කෙරුණු අතර ප‍්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ බුදු මැඳුරේ නිරාවරණ කටයුතු සිදු කෙරිණි.

මෙම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් හා කර්මාන්ත ශාලා සේවක මණ්ඩලය සහභාගි වූහ.

අනතුරුව සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනයක් ද පැවැත්විණි.

ඡායාරූප –
සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment