උප තැපැල් ස්ථානාධිපතිවරුන් 500කට පඩියට අමතරව  කෝටි 1 1/2ක්  වැඩිපුර ගෙවලා

232

උප තැපැල් ස්ථානාධිපතිවරුන් 500කට ආසන්න පිරිසකට වසරකට අධික කාලයක් වැටුපට අමතරව රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැටුප් ලෙස වැඩිපුර ගෙවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ වැටුප් සකස් කරන නිලධාරීන් සේවකයන් ගේ වැටුප් නිසි ලෙස ගණනය නොකර එක් සේවකයකුට දළ වශයෙන් රුපියල් 3000කට අධික මුදලක් ගෙවීමෙන් මෙම අලාභය රජයට සිදුවී තිබේ. 2007.7.4 වැනිදා සිට 2014.10.24 අතර කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගත් දෙවන පෙළ තැපැල් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස වැඩිපුර වැටුප් ගෙවා ඇත.

මේ පිළිබඳව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ මෙහි සම්පූර්ණ වගකීම වැරදියට වැටුප් සකස් කළ නිලධාරීන් භාරගත යුතු බවයි. එම නිලධාරීන් සේවකයන්ට වැඩිපුර ගෙවූ මුදල් දැන් මාසික වැටුපෙන් රුපියල් 5000, 6000, 7000 ලෙස බලහත්කාරයෙන් කපා ගනිමින් සිටින බවද මේ නිසා ගැටලූ රැුසක් මතුවී ඇතැයි ද හෙතෙම පැවසීය.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ වැටුප් සකස් කිරීමේ දී වරදක් නිසා මෙය සිදුව ඇති බවත් වැඩිපුර ගෙවූ මුදල් අයකර ගැනීමට ආයතන සංග‍්‍රහය අනුව බලය ඇති අතර ඒ අනුව වාරික වශයෙන් එම මුදල් වැටුපෙන් කපා ගන්නා බවයි.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment