උමාඔයෙන් ලබන ජුනියේ ජාතික පද්ධතියට මෙගාවොට් 120 ක්

89

උමාඔය ව්‍යාපෘතිය මගින් ලබන ජුනි මාසය වනවිට මෙගාවොට් 120 ක් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉරාන රජයේ ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන අතර එහි ඉදිකිරීම් ලබන අප්‍රේල් වනවිට අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව එළැඹෙන ජුනි මස සිට සම්පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එක්කරන බව නව විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සංචාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment