උමාරා වැරදිකරු වෙයි

1392


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය ගායනා කිරීමේදී ස්වර සහ උච්චාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිර්දේශ කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුව සිය වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතාට බාර දී ඇත.
එම නිර්දේෂය ද ඇතුළත්ව නිර්දේශ තුනක් සහිත කමිටු වාර්තාව මගින් ජාතික ගීය භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි පද්ධතියක් විෂයභාර ඇමැතිවරයා විසින් සකස් කළ යුතු බවටත් මින් ඉදිරියට ජාතික,කලාපීය,ජාත්‍යන්තර උත්සව සංවිධානය කරන පිරිස් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය සිදු කළ යුතු බවට සියලු‍ දෙනා දැනුවත් කිරීමටත් නිර්දේශ කර ඇති බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
උමාරා සිංහවංශ මහත්මිය කමිටුව හමුවේත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා හමුවේ ද ජාතික ගීය ගායනා කිරීමේදී නොදැනුවත්කමින් සිදු වූ දේ සම්බන්ධයෙන් ලිඛිතව ද සමාව ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment