‘උඹලා කොරෝනා බෝ කරනවා’ යැයි පවසමින් යාචකයන්ට පහරදුන් වැඩ පරීක්‍ෂකවරයෙක් දැලේ

448

‘උඹලා කොරෝනා බෝ කරනවා’ යැයි පවසමින් පිළියන්දල පොදු වෙළෙඳ පොළේ නිදාසිටි යාචකයන්ට පොල්ලකින් පහරදුන් කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

තුවාල ලද යාචකයන් දෙනෙකු ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

හිසෙන් ලේ පෙරෙන තුවාල සහිතවට් ‘බුදු අම්මෝ’ යැයි විලාප දෙමින් පිළියන්දල පොලිසියේ පිහිට පතා පෙරේදා (22 දා* රාත‍්‍රියේ දිව ආ පුද්ගලයන් පස්දෙනකුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී පොල්ලක් රැගෙන ආ පුද්ගලයකු නිදාගෙන සිටි තමන්ට ඉවක් බවක් නොමැතිව පහරදුන් බවට පවසා තිබූ බව පොලිසිය කියයි.

එසැනින් ක‍්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කිහිපදෙනකු පොදු වෙළෙඳපොළ වෙත යවා පහර දුන් පුද්ගලයා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය. පහරදුන් බව කියන සැකකරු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකි. පසැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment