උරණ වුණු මුරලි

1505

මුරලි සහ ශේන් වෝන් අතරේ තිබුණේ සීතල යුද්ධයක්. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වීමේ සටනේ ඔවුන් දෙදෙනා නිරත වෙලා සිටියා. ඒත් මේ දෙදෙනා එකිනෙකාට හාත්පසින් වෙනස්. සුදු කළු වෙනස විතරක්ම නොවෙයි. මුරලි පිටදඟ පන්දු. ශේන් වෝන් පාදඟ පන්දු. මුරලි හිටියේ නිතරම හිනා වෙලා. ඔහු නිහතමානියි. දරුණු පෙනුමක් මුහුණට ආරූඩ කර ගත් වෝන් නිතරම සිටියේ කෝපයෙන් වගේ.

තමන්ගේ පන්දුවලට හයේ පහරක් ගැහුවත් තමන් ක්‍රීඩා කරන කාලේ හිනා වෙලා සිටි මුරලිගේ මුහුණ පසුගියදා කෝපාවිෂ්ඨ ස්වරූපයක් ගත්තා. මහ හයියෙන් කාටදෝ බනින බවක් පෙනුණා. මේ තත්ත්වය ඇතිවුණේ පසුගිය බදාදා සන්රයිසස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති අයිපීඑල් තරගයේදීයි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන්ට එම තරගයේදී තම කණ්ඩායම ලද පරාජය දරා ගන්නට නොහැකි වුණා.

අවසන් පන්දු වාරයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 22ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණු අතර මුරලිගේ හයිද්‍රාබාද් කණ්ඩායමට එම ලකුණු 22 නතර කර ගන්නට නොහැකි වුණා. ටයිටන්ස් කණ්ඩායමේ රෂිඩ් ඛාන් සහ රාහුල් ටෙවටියා එම පන්දු වාරයට හයේ පහර හතරක් එල්ල කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගත්තා. එය දරා ගැනීමට නොහැකි වූ මුරලි මෙසේ උරණ වී සිටින අයුරු රූපවාහනි දර්ශනවලින් දක්නට ලැබුණා.

advertistmentadvertistment
advertistmentadvertistment