උෂාන්  ඇමෙරිකාවේදී  එක වෙයි

398

ඇමෙරිකාවේ පැවැති ජාතික විශ්වවිද්‍යාල දෙවන කොටසේ එළිමහන් ජවන හා මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක උෂාන් තිවංක සමත්විය.

 පෙරේදා (28 වැනිදා) පැවැති තරගයේදී උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.22ක් දස්කමක් ප්‍රදර්ශනය කිරීමට උෂාන් තිවංක සමත්විය. ඒ අනුව එහි පළමු ස්ථානය උෂාන්ට හිමිවෙද්දී මීටර් 2.19 දස්කමක් ප්‍රදර්ශනය කළ නිෂොන් පියරේ දෙවැනි ස්ථානය දිනා ගත්තේය. එලී කොසිබා මීටර් 2.16ක දස්කමක් දක්වමින් දෙවැනි ස්ථානයට පත්විය.

 අදාළ ජයත් සමගින් ඇමෙරිකානු විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගාවලියකදී පිට පිටම අඛණ්ඩව ජයග්‍රහණ 3ක් වාර්තා කර ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකායා බවට උෂාන් තිවංක පත්විය.

 උෂාන් තිවංක මේ වසරේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නියමතිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment