උසස්වීම් අත්හිටුවූවැයි  පවුල් සෞඛ්‍ය සේවිකාවෝ  මාරාන්තික උපවාසයක

94

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (31 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු ඔවුහු අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

වසර 30කටත් අධික කාලයක් සේවාව සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කළ බවත්, මේ නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිදුකරන වැඩ කටයුතු සියල්ලම ඇනහිට ඇති බවත් ඇය සඳහන් කළාය.

උසස්වීම් අත්හිටුවූවැයි  පවුල් සෞඛ්‍ය සේවිකාවෝ  මාරාන්තික උපවාසයක

‘‘සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර රැුකගන්න වින්නඹු සේවාව හෙදියන්ට පවා දෙයි’’, ‘‘සෞඛ්‍ය ලේකම් හෙදියන්ට කඬේ යයි’’, ‘‘සුවසිරිපාය අභයාරාමයද?’’, ‘‘එක රටක් එක නීතියක් මුරුත්තෙට්ටුවට වෙනම නීතියක්’’ වැනි විවිධ වැකි සහිත පුවරු අතැතිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විරෝධතාවයේ නිරත වූහ.

පවුල් සෞඛය සේවා නිලධාරිනියන්ගේ මෙම විරෝධතාවය නිසා කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඡුායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment