උසස් අධ්‍යාපන පාඨමාලා කරන්න යළිත් ණයදෙයි

150

උසස් පෙළ සමත් මුත් රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට පොලී රහිතව ලබාදෙන බැංකු ණය මුදල නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුපියල් ලක්ෂ 08 ක් දක්වා වූ මෙම බැංකු ණය මුදලට අමතරව ඔවුනගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 03 ක මුදලක් ද ලබා දීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැවත ක්‍රියාත්මක කරන මෙම ණය මුදල සිසුන් පන්දහසකට ලබාදීමට නියමිත බව ද එහිදී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබාදෙන මෙම ණය පහසුකම ඉදිරියේදී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබාදීමට පියවර ගන්නා බවත් ණය මුදල විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී වසරක කාලයක් දක්වා ලබා දෙන බවත් ආපසු ගෙවීම් කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසු බවත් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment