උසස් පෙළ ඇරඹේ

122

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ විණි.

විභාග මධ්‍යස්ථාන 2438කදී සිසුන් 345242 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර විභාගය ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්ල ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසුල ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම සපුරා තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment