උසස් පෙළ විභාගය අද සිට

182

ජාතික හැඳුනුම්පත සහ විභාග ප‍්‍රවේශපත‍්‍රය රැුගෙන විභාගය ආරම්භ කිරීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස අද (7 දා) ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (6 දා) ඉල්ලීමක් කළේය.

විභාගය අදින් ආරම්භ වී මාර්තු 5 වැනිදා තෙක් පැවැත්වෙන බවත් එම වකවානුව තුළ විදුලිය විසින්ධි කිරීම සිදු නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඊයේ විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

අයදුම්කරුවෝ 3,45,242 ක් විභාග මධ්‍යස්ථාන 2438කදී උසස් පෙළ විභාගයට පෙනී සිටිති. විභාගය පෙ.ව. 8.30 ට ආරම්භ වන අතර සිසුන් විභාගය ආරම්භ කිරීමට පැය භාගයකටවත් පෙර විභාග ශාලාවට පැමිණ විභාග අංකය සඳහන් ස්ථානයේ අසුන් ගැනීමට කටයුතු කළ යුතු යැයිද ධර්මසේන මහතා පැවැසීය. නියමිත විෂය නිර්දේශය ආවරණය කර විභාගය පවත්වන බවද ඔහු කීය.

කොවිඞ් වැළඳුණු දරුවන් සඳහා සෑම දිස්ති‍්‍රක්කයක්ම නියෝජනය වනසේ රෝහලක් හෝ කොවිඞ් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් විභාග මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යෑමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එවැනි මධ්‍යස්ථාන 29ක් ස්ථාපිත කර තිබෙන බවත් ඒ මහතා කීය.

කොරෝනා වැළඳුණු සිසුන් රෝහල් නේවාසිගතව විභාගයට පෙනී සිටිය යුතු බවත් ඔවුන් දින හතකට පසුව රෝහලෙන් පිටව ගොස් විභාග ශාලාවක විභාගයට පෙනී සිටිනවා නම් එම ශාලාවේ වෙන්කර තිබෙන විශේෂ කාමරය තුළ සිට විභාගයට පෙනී සිටිය යුතු බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂ වෛi චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මෙහිදී කියා සිටියාය.

මුව ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැද සිසුන් විභාගයට සහභාගී විය යුතු අතර යම් සිසුවකුට හෝ සිසුවියකට උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි රෝග ලක්‍ෂණ තිබේනම් ශාලාධිපතිවරයා දැනුවත් කර විභාග ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාමරයේ සිට විභාගයට පෙනී සිටිය හැකි බවද ඇය කීවාය.

මෙහිදී විභාග කොමසාරිස් (පාලන හා විමර්ශන) අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ සිසුන්ට සෑම දිනකම විභාගය නොපැවැත්වෙන බවත් විභාගයට ඉදිරිපත් වන දින සහ වේලාවන් පිළිබඳ නිවැරදි සටහනක් තබාගෙන සිසුන් හා දෙමාපියන් ඒ අනුව කටයුතු කළ යුතු බවත්ය. ඇතැම් අවස්ථාවල එවැනි අතපසුවීම් සිදුව තිබූ බවට වාර්තාවී තිබූ බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා, ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment