උසස් පෙළ විභාගය කාලයේ අඛණ්ඩව විදුලිය දීම ආණ්ඩුවේ යුතුකමක්

60

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසිමාව තුළ විදුලිය ලබාදීම රජයක යුතුකමක් යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) පැවසීය.

අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලි බිල වැඩිකළ යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළත් ඒ සඳහා මේ අවස්ථාවේ ඉඩ ලබාදිය නොහැකි බව ද රත්නායක මහතා කීය.

මෙම තත්ත්වය හමුවේ උසස් පෙළ කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳ අර්බුදයක් ඇතිවී තිබෙන බවත් කෙසේ වෙතත් රාත්‍රි 7.00 න් පසු විදුලිය විසන්ධි නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් තමා ඉල්ලා සිටි බවත් ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment