උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල්යන ලකුණු

379


මෙවර අගෝස්තු මස දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කරමින් පවතින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.පාසල්හි විෂය නිර්දේශ ආවරණය කරගැනීමට ඇති හැකියාව ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගනු ලබන බවත් ඇමැතිවරයා පැවසීය.එසේම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයද සැප්තැම්බර් සහ නොවැම්බර් අතර පැවැත්වීම ගැනද සාකච්ඡා පැවැත්වෙන බවත් මෙම විභාග පැවැත්වෙන දින සම්බන්ධ අවසන් තීන්දුව ඉදිරියේදී දැනුම්දෙන බවත් සඳහන් කළේය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බැව් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment