උසස් පෙළ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව අයැදුම් කාලය දිගුවේ

198

2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.අදාළ අයදුම්පත් භාර ගැනීම 2022-12-23 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද දෙමාපියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අයදුම්පත් භාර ගැනීමේ දිනය තවදුරටත් දීර්ඝ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment