උසස් පෙළ සිසුහු ජනපතිගෙන් සහන කාලයක් ඉල්ලති  

97

2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකියාවක් නොලැබුණු නිසා යම් සාධාරණ කාලයක් ලබාදෙන ලෙස විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිත අතර එම සිසුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මගින් පහත සඳහන් කරුණු ගැන අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටී.

2022 උසස් පෙළ සිසුන් 2020 ජූලි මස උසස් පෙළ අධ්‍යයන කටයුතු ඇරඹු අතර 2020 මාර්තු මස සිට ඇතිවූ කොරෝනා පළමුවන, දෙවන, තෙවන රැලිවලට මුහුණදීමට සිදුවීම නිසා අධ්‍යයන කටයුතු අඩාල වීම.

අවුරුද්දක කාලයක් පාසල් වසා තැබීම නිසා විෂය නිර්දේශ ආවරණය නොවීම.

ධබ කසබැ ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කළත් විටින් විට සිදුවන විදුලි විසන්ධිවීම්, ීසටබ්ක නොමැතිවීම් නිසා විශාල සිසුන් පිරිසක් සඳහා ධබ කසබැ ක්‍රමය අසාර්ථක වීම.

දින 100 ගුරු වැඩ වර්ජනය නිසා ඉගෙනුම් කටයුතු නැවතත් අඩාල වීම.

වත්මන් දේශපාලනික අර්බුදය හා ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන නොමැතිවීම හා පොදු ප්‍රවාහන සේවා ගාස්තු දෙගුණයකටත් වඩා ඉහළ යෑම නිසා බොහෝ සිසුන්ගේ පාසල් ගමන අඩාල වීම.

උසස් පෙළ අවුරුදු 2 ඇතුළත වාර විභාග 6 ක් පැවැත්වීමට නියමිත වුවත් බොහෝ 2022 උසස් පෙළ සිසුන්ට පවත්වා ඇත්තේ උපරිම වශයෙන් වාර විභාග 2 ක් හෝ 3 ක් පමණ වීම.

බොහෝ සිසුන් පිරිසක් පෙර ලියූ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන නව විෂය ධාරාවක් වෙත යොමුවීමට පෙළඹේ. පෙර වසරවලදී එම සිසුන්ට මාස 7කට ආසන්න කාලයක් ලැබුණත් මෙවර එය මාස 3 ක් වැනි කෙටි කාලයකට සීමා වී තිබීම.

එවැනි කෙටි කාලයක් තුළ නව විෂය ධාරාවකට අනුගත වීම කිසිසේත් කළ නොහැකි වීම.

රටේ මේ වනවිට පවතින අර්බුදකාරී තත්ත්වය නිසා ශිෂ්‍යයන් බොහෝමයක් ආර්ථිකව මෙන්ම මානසිකව ද ගැටලු රාශියකට මැදිවී සිටීම.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment