උස්බෙකිස්තානය පරදා ශ‍්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවට අසුන් වෙන්කරවා ගනී

364

ලබන සැප්තැම්බර් මාසයේ ජපානයේදී පැවැත්වීමට නියමිත 21 වැනි ආසියානු ජේ්‍යෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලැබීම වෙනුවෙන් උස්බෙකිස්තානය සමග ඊයේ (14 වැනිදා* සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් තරග වට 3-0ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව අදාළ ජයත් සමගින් ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු වටයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට උස්බෙකිස්තානයෙන් අභියෝගයක් එල්ල වුවද, පළමු වටය ලකුණු 25-23කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. තීරණාත්මක දෙවැනි වටයේදී

ශ‍්‍රී ලංකා පිලට පෙර වටයේදී මෙන් උස්බෙකිස්තානයෙන් අභියෝගයක් එල්ල නොවූ අතර එහි ලකුණු දැක්වුණේ 25-13ක් වශයෙනි.

ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව තෙවැනි වටය සඳහා පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම එම වටයෙනුත් ලකුණු 25-22කින් ජය ගනිමින් තරග වට 3-0කින් ජයග‍්‍රහණය තහවුරුකර ගත්තේය. ආසියානු ජේ්‍යෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා සිට 19 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment