උසාවියට අපහාස කළැයි තවත් නඩුවකින් රන්ජන්ට  අත්හිටවූ සිර දඬුවම්

178

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් එක්තරා විiුත් මාධ්‍ය ආයතනයක පැවැති වැඩසටහනකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර පහකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.

රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කර ශ්‍රේඨාධිකරණය විසින් මින් පෙරද වසර හතරක සිරදඬුවම් ලබන බැවින් හා එම සිරදඬුවම මේවනවිටත් ක්‍රියාත්මකව පවිතින බවද මෙකී නඩුකරයට නියම කළ සිරදඬුවම අත්හිටුවීමට තම අධිකරණය තීරණය කළ බවද විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පෙන්වා දුන්නේය.

බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල එම දඬුවම නියම කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් රන්ජන් රාමනායක මහතාව ඊයේ (07දා) දැඩි ආරක්‍ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment