උසාවියෙන් නිදහස්  – ජනාධිපති නියමයෙන්  දිවි ඇතිතෙක් හිරේට

489
  • * සිරකරුවෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    අධිකරණ නඩු විභාගයකින් පසු මිනී මැරීමේ චෝදනාවකින් සහ මරණ දඬුවමෙන් නිදහස ලැබූ තමාට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නියම කළ ජීවිතාන්ත සිරදඬුවම ඉවත් කරන්නැයි ඉල්ලා බන්ධනාගාරයේ සිටින සිරකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 9 වැනිදා විභාගයට ගැනේ.

    මෙම පෙත්සම මගින් කියා සිටින්නේ අධිකරණ නියෝගයකින් නිදහස ලැබූ තමාට හිටපු ජනාධිපතිවරයාට එම තනතුරෙන් ලැබ තිබූ බලතල අනිසි ආකාරයට භාවිතා කර තිබෙන බවයි.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පැවරී තිබෙන බලතල පිළිබඳ නිසි වැටහීමක් නැතුව හෝ ඔහුගේ ලේකම්වරුන්ගේ නීති උපදේශකයන්ට සිදුවූ වැරැුද්දකින් මෙය සිදුවන්නට ඇතැයි පෙත්සමෙන් කියා සිටී.

    මෙම පෙත්සම්කරු යාපනය, කොඩිකාමම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි පොන්නම්බලම් කෝනේෂ්වරන් නමැත්තෙකි.

    නීතිඥ නිමල් මුතුකුමාරණ මගින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, අධිකරණ ඇමැති සහ නීතිපති යන තිදෙනා නම්කර තිබේ.

    1999 පෙබරවාරි 08 වැනිදා සිදුවූ මිනී මැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු ඒ වන විට දහසය හැවිරිදි බාලවයස්කරුවෙකි. යාපනය මහාධිකරණයේ විභාග වූ නඩුවකින් පසු චෝදනා දෙකකට වැරදිකරු කොට 1 වැනි චෝදනාවට වසර 10 ක සිරදඬුවමක් හා රුපියල් 10,000 ක දඩයක්ද, දෙවන චෝදනාවට මරණ දඬුවමද නියම කළේය.

    එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනුකර ඇති අතර ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරු නිදහස් කොට ඇත.

    අපරාධ නීති සංග‍්‍රහයේ 53 වැනි වගන්තියට අනුව විත්තිකරු සම්බන්ධව සුදුසු පියවරක් ගැනීම සඳහා අදාළ නඩු තීන්දුව ජනාධිපතිවරයාට යොමු කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇත. පෙත්සම්කරුට ජීවිතාන්ත සිරදඬුවමක් නියම කර ඇත්තේ ඉන් අනතුරුවය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment