උසාවි තීන්දුව එනතෙක් මැතිවරණය දිනයක් නෑ

176

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට අධිකරණය හමුවේ පවතින නඩුවලින් නිශ්චිත තීන්දුවක් ලැබෙන තෙක් එම මැතිවරණය සඳහා වෙනත් දිනයක් ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ බහුතරයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම අධිකරණයට පොරොන්දු වී ඇති බවත් තවත් නඩුවකින් මැතිවරණයට අදාළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවත් එම පක්‍ෂ පෙන්වා දී ඇත.

එමෙන්ම මුදල් වෙන් නොකිරීම මත මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ද මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ද ඉදිරිපත්ව තිබෙන නිසා එම නඩුවලින් නිශ්චිත තීන්දුවක් ලැබෙන තෙක් සිටින ලෙස ද දේශපාලන පක්‍ෂ කොමිසමෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් අප්‍රේල් මුල් සති දෙක තුළ අදාළ නඩුවලින් තීන්දුවක් නොලැබුණ හොත් මැතිවරණ දිනය පිළිබඳ තීරණයක් ගැනීමට කොමිසමට සිදුවනු ඇතැයි කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment