උසාවි නියෝගයක් නැතිව කාගේවත් දුරකථන ටැප් කරන්නේ නෑ

157

* ආරක්ෂක ලේකම් ජෙනරාල්  කමල් ගුණරත්න

උසාවි නියෝගයකින් තොරව කිසිදු අයෙකුගේ දුරකථන ටැප් කිරීමක් හෝ එම දත්ත පිළිබඳව සොයා බැලීමක් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ සිදු නොකරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඊයේ (15දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. උසාවි නියෝගයකින් තොරව සිය ජංගම දුරකථන ආරක්ෂක අංශ විසින් ටැප් කරන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී චම්පික රණවක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් රජයට චෝදනා එල්ල කළහ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ ප‍්‍රශ්න කිරීමකදී ආරක්ෂක ලේකම්වරයා එසේ ස`දහන් කළේය.

ප‍්‍රධාන ජංගම දුරකථන සමාගම් සමග ආරක්ෂක අංශ කටයුතු කරන්නේ නෛතික වටපිටාව තුළ පමණක් බවත් ඒ ස`දහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා නොගෙන එම කටයුතු සිදු නොකරන අතර කිසිදු විරුද්ධ මතධාරියකුගේ දුරකථන පිළිබ`දව එවැනි පියවරක් රජය නොගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් ස`දහන් කළේය.

නැගෙනහිර පළාතේ අරාබි භාෂාවෙන් නාමපුවරු ප‍්‍රදර්ශනය සහ රජයේ ආයතනවල ක‍්‍රියා පිළිවෙත්වල වැඩිවීමක් තිබේදැයි ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ පසුගිය රජය සමයේදී අප රටේ පිළිගත් භාෂාවක් නොවන අරාබි භාෂාවෙන් නාමපුවරු භාවිතය සහ රටඉ`දි ගස් පැළ කිරීම සිදු වූ බවත්, එම තත්ත්වය වත්මන් රජය ගැටුමක් නිර්මාණය නොවන ආකාරයට කළමනාකරණය කර තිබෙන බවත්ය. එක් ජන කොටසකට සංවේදී මාතෘකාවක් ස`දහා මර්දනීය පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට සංවාදශීලි ආකාරයෙන් ඒ ස`දහා ආරක්ෂක අමාත්‍යංශය කටයුතු යොදා තිබෙන බව ද ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

”අපි මුස්ලිම් සංවිධාන ගණනාවක් සමග අඛණ්ඩව මෙවැනි මාතෘකා පිළිබ`දව කතා කරනවා. පාස්කු ප‍්‍රහාරය ස`දහා මුල් වුණේ ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨ ආගමක් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමයි. අපි සියලූදෙනාම ශ‍්‍රී ලාංකිකයෝ. ඒ මත සිටිමින් අප සිදුකරන සංවාදයේදී, මුස්ලිම් ආගමික ප‍්‍රධානීන් මේ ගැන පෙන්වා දුන්නා. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් කිසිදු විටක කන්‍යාවෝ සමග දිව්‍ය ලෝකයට යන්නේ නැති බව ඒ මුස්ලිම් වියතුන් අපිට පෙන්වා දුන්නා. අපි මුලින්ම මේ විකෘතියෙන් එම ආගම සහ අපේ ජනතාව ගලවා ගත යුතුයි. ඒ ස`දහා අපේ මාර්ගය වන්නේ සංවාදයයි. එසේ නොමැතිව මර්දනීය තත්ත්වයන් කරා අපි කිසිම විටෙක යොමු වන්නේ නැහැ’’ යැයිද ජෙනරාල් කමල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

මනෝජ් අබයදීර සහ  උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment