උසාවි නියෝගයටත් උඩින් සීසර්ලා වැඩ

315

ලීසිං වාරික ගෙවීම ප්‍රමාදවන වාහන ලීසිං සමාගම්වලට බලහත්කාරයෙන් ලබාගත නොහැකි බව අධිකරණය මගින් නියෝග ලබාදී තිබියදීත් ලීසිං සමාගම් විසින් වාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් සිදුකරන බව නීතිඥ සඳරුවන් සේනානායක මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත මගින් වාහනයක් බලෙන් ගන්න බැහැ. කැමැත්ත තියෙනවා නම් පමණයි ගන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම කැමැත්තක් නැතිව වාහනයක් ගන්න ක්‍රමයක් ගැන මේ පනතේ කිසිම තැනක ඇතුළත් වෙලා නැහැ. වාහනයක් ලීසිං සමාගමට ලබාගත හැක්කේ අදාළ ප්‍රදේශයේ දිසා අධිකරණයේ හෝ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමෙන් බව පනතෙන් පෙන්වා දී තිබෙනවා. එම පනත මගින් තමන්ගේ අයිතිවාසිකම අධිකරණයේදී පෙන්වලා වාහනය ලබාගන්න හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම යම් හෙයකින් වාහනයක් අත්පත් කර ගන්නවා නම් ප්‍රචණ්ඩත්වයෙන් තොරව ලීසිං සමාගමේ හෝ ආයතනයේ නිසි බලධාරියෙකුට හැකියාව පවතිනවා. එහෙම කරනවා නම් අදාළ ප්‍රදේශයේ පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබිය යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment