උසාවි නියෝගයට ගරු කර වැඩට ඒවි

144

අධිකරණයට ගරු කරමින් සමන් රත්නප‍්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දින කිහිපයේදී ජනතාව විඳි පීඩාවන් හා අපහසුතාවන් නතර වනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතාට හා එම සංගමයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පෙරේදා (10 දා) නිකුත් කළ වාරණ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

නීතිමය කරුණු සොයා බලා රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නීතිමය රාමුවේ සිට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇතැයි ද එමගින් අධිකරණය මේ සම්බන්ධව කරුණු විමසීමෙන් පසු මෙම වාරණ නියෝගය නිකුත් කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment