උ. කොරියාව දකුණට කසළ බැලුන් යැවීම නවතයි

38

දකුණු කොරියාව වෙත කසළ අඩංගු බැලුන් යැවීමේ ක්‍රියාදාමය තාවකාලිකව නවත්වන බව උතුරු කොරියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති කිම් කැන්ග් ඉල් විසින් නිවේදනය කර තිබේ. මේ වන විට උතුරු කොරියාව විසින් දකුණු කොරියාව වෙත කසළ ටොන් 15ක් පමණ අඩංගු බැලුන් 700ක පමණ සංඛ්‍යාවක් යවා ඇති බවද උතුරු කොරියාවේ රජයේ මාධ්‍ය ආයතනය වන කේ.සී.එන්.ඒ. සේවාවට අදහස් දක්වමින් උතරු කොරියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පවසා තිබේ.

උතුරු කොරියාව විසින් දකුණු කොරියාව වෙත මෙසේ කසළ රැගත් බැලුන් යැවීම ආරම්භ කරන ලද්දේ දකුණු කොරියාව විසින් වසරක පමණ කාලයක් මුළුල්ලේ සිදු කරන උතුරු කොරියානු විරෝධී පත්‍රිකා රැගත් බැලුන් උතුරු කොරියාවට යැවීමේ ක්‍රියාවලියට ප්‍රතිචාර වශයෙන් බවද නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පවසා තිබේ. ඉකුත් සතියේ උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට හෙලන ලද කසළ රැගත් බැලුන් 100 කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් සිය වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දීමට දකුණු කොරියානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment