උ/පෙළට අයැදුම්පත දෙන්න ගිය සිසුවා අලියාට බිලි

234

මෙවර පැවැති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා ඇතුළත් වීමට අයැදුම්පත්‍ර භාරදීම සඳහා පාසලට යෑමට සූදානම් වෙමින් සිටි සිසුවකු ඊයේ (21 දා) අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්‍ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ තිසාවැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

වී වෙළෙඳාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයකු බස්රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී ඊයේ (21 දා) අලුයම 4.45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් මෙම සිසුවා ජීවිතක්‍ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.

තිසාවැව දේවානම්පියතිස්සපුර පල්ලිය අසලින් දිවෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොල් පැළයක් කා දමමින් සිටි වන අලියකු දැක පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ අතහැර දමා නැවත පැමිණි දිසාවට දිව යන අවස්ථාවේදී මීටර් 100 ක් පමණ දුරින් සිටි වෙනත් වන අලියෙකු මෙම සිසුවාට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම පාසල් සිසුවා මෙවර ප්‍රතිඵල නිකුත් වු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව 12 ශ්‍රේණිය සඳහා පාසලට ඇතුළු වීමට අයැදුම්පත්‍ර භාර දීමට අනුරාධපුර, සහිරා විiාලයට යාමට සුදානම්ව සිටියදී ඊයේ (21 දා) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්වූ බව මෙහිදී ඥාතීහු පැවසූහ.

දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ලියනගේ (47870) මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment