උ.පෙළට එක් සිසුවකු  පමණක් සිටින පාසල් 57ක් දකුණේ

279

ආණ්ඩුකාර විලී ගමගේ

උසස්පෙළ පංතිවල එක් දරුවකු පමණක් ඉගෙනුම ලබන පාසල් 57ක් දකුණු පළාතේ තිබෙන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

එක් දරුවකු වෙනුවෙන් එම පාසල්වල උසස්පෙළ පංතියක් පවත්වාගෙන යන අතර ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ගුරුවරුන් හය හත්දෙනකු යෙදවීමට සිදුවී ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි. පාසල් දරුවන්ටද අසාධාරණයක් නොවන පරිදි එම දරුවන් ආසන්නයේ ඇති පාසල්වලට යොමු කළ යුතුව ඇති බවද ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කියා සිටී.

අධ්‍යාපනය සඳහා ඇති භෞතික හා මානව සම්පත් ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත යුතුව ඇති අතර ගුරු තුලනයක් කළ යුතුව ඇති බවද පවසන ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාතේ පාසල් දරුවන් 20ක් 30ක් සිටින පාසල් 300ක් පමණ තිබෙන අතර ඒ ආසන්නයේ ඇති පාසල් සම්බන්ධ කරගෙන එම පාසල්ද සංවර්ධනය කළ යුතුව ඇතැයි පවසයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම- රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment