උ.පෙළට කලා කරනවා නම් තාක්‍ෂණික විෂයයනුත් හදාරන්න – විභාග කොමසාරිස් ජනරාල්

246

සාමාන්‍ය පෙළ සමත් සිසුන් කලා විෂයය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා නම් තාක්‍ෂණික විෂයයන්ද හදාරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටියේය.

කලා විෂයයන් හදාරා උපාධියක් ලබාගත්තත් රජයේ රැකියා හෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට අපහසු බවත්, ඒ බව සිසුන් තේරුම් ගෙන කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා නම් ඉංග්‍රීසි, පරිගණක තාක්‍ෂණය වැනි තාක්‍ෂණික විෂයයන්ද හැදෑරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවැසීය.

ඉදිරියේදී උපාධි ලබාගන්නා වැඩි පිරිසකට පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමට සිදුවිය හැකි නිසා රැල්ලට නොගොස් සිසුන්ට නිසි විෂයයන් තෝරාදීමට දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කටයුතු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

කලා උපාධිය ලබා දැනට රැකියා විරහිතව සිටින වැඩි පිරිස උපාධිධාරීන් බවත්, උසස් පෙළ සිසුන් ඒ ගැනද අවධානය යොමුකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment