උ/පෙළ අයැදුම්පත් අවුල් නම් වෙබ් එකට එන්න – විභාග කොමසාරිස් ජනරාල්

81

උසස් පෙළ 2022 (2023) විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල අඩුපාඩු පවතීනම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එය නිවැරදි කර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී.

අයැදුම්පත් භාරගැනීම අන්තර්ජලය හරහා :(online) සිදු කළ බවත්, පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් ද පුද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර සංශෝධනයන් සිදු කරගත හැකි බව ද ඒ මහතා කියා සිටී.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 ක් සහ පුද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් පෙනී සිටීමට නියමිතය. විභාගය ජනවාරි 23 වැනිදා ආරම්භ වී පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වේ.

පෙරේදා (17 දා) මධ්‍යම රාත්‍රි 12.00 න් පසු විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලුම ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment