උසස් පෙළ විභාග අයැදුම්පත් හෙට (21 දා) වනවිට යොමුකර අවසන් කරන බව විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය පවසයි.
මේ වන විට පාසල් රැුසකින්ම අයැදුම්පත් යොමුකර අවසන් බවත් ඉතිරි පාසල්වලින්ද එම අයැදුම්පත් යොමුකර අවසන් කරන බවත් එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසයි.
උසස් පෙළට සහ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අයැදුම්පත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඉතිරි ප්‍රමාණයද සතයක් පමණ වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පැවසීය.
උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දා, ශිෂ්‍යයත්ව විභාගය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල්වල අධ්‍යාපනික කටයුතු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකිවීම මත ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කල්යනු ඇතැයි වාර්තාවේ.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්