උ/පෙළ ඉසෙඩ් ලකුණු එයි

422

2020 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාග ප‍්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම ඉසෙඞ් ලකුණු ඊයේ (29 දා) විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව පාඨමාලා 130 ක් යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 41,510 දෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූහ.

2020 වර්ෂයේ උසස් පෙළ සඳහා සිසුන් 3,09,491 දෙනකු පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සිසුන් 194,319 දෙනකු සුදුසුකම් ලබා තිබිණි. එම සිසුන් අතරින් 2020/2021 අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සිසුන් 102715 දෙනකු අයැදුම්කර තිබූ අතර ඉන් සිසුන් 41,510 දෙනකු තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කොමිසන් සභාවේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

2019 වර්ෂයේදී උසස් පෙළ සමත් සිසුන් 10,000 දෙනකු වැඩිපුර බඳවා ගැනීම මෙවරත් සිදුකර, ඉන් එහාට ද ගොස් තවත් සිසුන් 1399 දෙනකු බඳවා ගත් බවද අමරතුංග මහතා කීය. මේ වනවිට 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි තවත් සිසුන් පිරිසක් නැවත සමීක්‍ෂණ සඳහා යොමුව තිබෙන බවත් එහි ප‍්‍රතිඵල ද නිකුත් වීමෙන් පසු කඩඉම් ලකුණු සම්පූර්ණ කරන සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. කඩඉම් ලකුණු නිකුත් කිරීම කැබිනට් මණ්ඩල තීරණයක් මත සිදුකළ බවත්, එහිදී නැවත සමීක්‍ෂණය තුළදී කඩඉම් ලකුණු වැඩිවන සිසුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බවද ඒ මහතා කීය. සිසුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය අයැදුම්පත් කැඳවීම මාර්ගගත ක‍්‍රමයට (ඔන්ලයින්) සිදුකළ බවත් එහිදී විදුහල්පතිවරයාගේ අත්සන ගැනීම, පදිංචිය තහවුරු කර ගැනීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහ මැතිවරණ දෙපාර්තමේන්තු මාර්ගගත ක‍්‍රමයට සම්බන්ධ කරගෙන අයැදුම්පත්වල නිරවiතාවය සනාථ කරගත් බවද ඒ මහතා කීය.

විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශවීමේ අවම කඩඉම් ලකුණු දැන ගැනීම සඳහා 011-2695301, 011-2695302, 011-2692357, 011-2675854 යන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ අංකවලට ඇමැතිය හැක. එමෙන්ම රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් හෝ ugc ස්පේස් index No ස්පේස් (ටයිප්) කර 1919 වෙත යොමු කිරීමෙන් ද ප‍්‍රතිඵල දැනගත හැකිය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment