උ පෙළ දිනූ නැගෙනහිර දරුවන්ට දිරිය දෙමින්

256

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජාතික මට්ටමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් නැගෙනහිර පළාතේ ශිෂ්‍යාවන්ට නැගෙනහිර පළාත් සභාව මගින් රුපියල් ලක්‍ෂයක් බැගින් මුදල් තෑගි ප්‍රදානය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පියවර ගත්තේය.

මේ යටතේ උසස් පෙළ විභාගයෙන් ජාතික මට්ටමෙන් ජීවවිද්‍යාව විෂයෙන් පළමු තැනට තෝරාගත් මඩකලපුව ශාන්ත මික්කල් ජාතික පාසලේ දමිල්වානන් තුවාරගේස් සහ භෞතික විද්‍යාව හතරවැනි ස්ථානය ලබාගත් චෙන්කලඩි ජාතික පාසලේ ලෝකිතන් කිසොපන් යන දරුවන්ට රුපියල් ලක්‍ෂයක් මුදලින් තෑගි ප්‍රදානය කිරීම නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් සිදුවිය. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්. පී. මදන්නායග, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නකුලේස්වරි පුල්ලනායගම් මහත්මිය මෙන්ම මඩකලපු සහ කල්කුඩා විදුහල්පතිවරු, පූජකවරුවැඩිම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යාවන්ගේ දෙමව්පියෝ ද එක් වූහ.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දුෂ්කර පළාත්වල සිටින ළමුන් උසස් අධ්‍යාපනය ඉහළ මට්ටමෙන් ප්‍රතිඵල ලබා දීම විශේෂ දෙයක්. ඒ අනුව මෙම ප්‍රතිඵල ලබා දීම ගැන ආණ්ඩුකාර වශයෙන් ආඩම්බර වනවා යැයි පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment