උ/පෙළ නිමවන තෙක්  විදුලි කැපිලි එපා – රනිල් මැතිසබයේදී කියයි

79

විදුලි කප්පාදුව හේතුවෙන් මෙවර උසස් පෙළ සිසු සිසුවියන්ට සිදුවන අසාධාරණය හේතුවෙන් ඔවුනට අධිකරණ කි‍්‍රයාමාර්ග ද ගත හැකි නිසා විභාගය නිමවන තෙක් හෝ විදුලි කප්පාදුව නවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23 දා) ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී කීවේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

මේ විදුලිබල කප්පාදුව නිසා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප‍්‍රශ්නයක් මතු වෙනවා. මොකද ඉසෙඞ් ස්කෝ ක‍්‍රමය අනුව; අනෙක විදුලි කප්පාදුව එක, එක ප‍්‍රදේශයට කපන නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු දාන්න පුළුවන්. විභාගය අවසන් වෙනකම් මේ කප්පාදුව නවත්වන්න පුළුවන් නම් හොඳයි.

දිනේෂ් ගුණවර්ධන මහතා – ඊයේ රාතී‍්‍රම අපි ඒ පිළිබඳ සාකච්ඡුාවක් කළා. විදුලි බල අමාත්‍යාංශය හා මණ්ඩලය සමග සාකච්ඡුා කරලා ගොඩාක් දුරට මේ තත්ත්වය වෙනස් කර ගන්න පුළුවන් වේවි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment