උ/පෙළ නිමවෙන තෙක් විදුලි කැපිලි එපා – මහජන උපයෝගිතා කොමිසම උසාවි යයි

82

අ.පො.ස. උසස් පෙළ පැවැත්වෙන සමයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙසට ලංකා විදුලි මණ්ඩලයට නියෝගයක් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (01 දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

විභාගය පැවැත්වෙන සමයේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිෂන් සභාව නිර්දේශ කොට විදුලි කප්පාදුව සඳහා අනුමැතිය ලබානොතිබියදීත් ලංකා විදුලිබල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය කප්පාදුව දිගින් දිගටම සිදු කර ඇතැයි එම කොමිසන් සභාව සිය පෙත්සම මගින් අධිකරණයට පවසා තිබේ. එම පෙත්සම අද (02 දා) අභියාචනාධිකරණය හමුවේදී කැඳවීමට නියමිතය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment