උ. පෙළ ප්‍රතිඵල ජූලි මාසයේ

210

ඉකුත් මාර්තු මාසයේ පැවැති උසස් පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල ජුලි මාසයේදී ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

මේ දිනවල විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ පවත්වමින් සිටින බවද ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා කම්බි, ස්විච්, බල්බ් ඇතුළු ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට දෙපාර්තමේන්තුවට සිදුවූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ (2021) විභාගයද ඉතා සාර්ථක බවත් විභාග කාර්ය මණ්ඩලයට මහජනතාවගෙන්ද විශාල සහායක් ලැබෙන බවත් ඒ මහතා කීය. එම විභගායට අදාළව විභාග අපේක්‍ෂකයා වෙනුවට වෙනත් අයෙකු පෙනී සිටීමේ එක් සිද්ධියක් පෙරේදා (28 දා) වන විට වාර්තාවී ඇතැයිද ඒ මහතා කීය.

විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවේ විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛා අංශය කැපවීමෙන් කටයුතු කරන බවත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු ලබන ඔක්තෝබර් 15 වැනිදා ශිෂ්‍යත්ව විභාගය (2022) සහ ඔක්තෝබර් 16 වැනිදා උසස් පෙළ (2022) විභාගය පැවැත්වීමේ සංවිධාන කටයුතු සිදුකළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment