උ.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

336

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවැසීය.

www.doenets.lk  සහ www.results.gov.lk  වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

විභාගය සඳහා මෙවර පාසල් අයැදුම්කරුවන් 2,36,035 දෙනකු පෙනී සිටි අතර, පෞද්ගලික අයැදුම්කරුවෝ 36,647 දෙනෙක් පෙනී සිටියහ.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පාසල් අයැදුම්කරුවන් 1,49,946 දෙනකු සුදුසුකම් ලබා ඇත. පෞද්ගලික අයැදුම්කරුවන් 21,551 දෙනකු විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විභාගයට පෙනී සිටි 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටවූ බවද හෙතෙම පැවැසීය.

ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කළයුතු දිනය පසුව දැනුම් දීමට නියමිත බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඉංජිනේරු අංශයෙන්  පළමු තැන නෙරම්දට

උ.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු අංශයේ දිවයිනේම පළමු තැන නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරම්ද දිල්හාර කුමාර හිමිකර ගෙන තිබේ.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment