උ.පෙළ වාර විභාගයේදී ප‍්‍රශ්න පත‍්‍රය සමග උත්තර පත‍්‍රයත් දීලා – දකුණු පළාත් පාසල්වල

776

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු අපොස උසස් පෙළ තෙවන වාර විභාග පරීක්ෂණයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයේ 11 වැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කොට තිබී ඇත.

ඊයේ (05දා) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට අදාළ දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රය සිසුන්ට ලබාදීමට නියමිතව තිබුණි. ප‍්‍රශ්නපත‍්‍ර කට්ටලය විවෘත කරන අවස්ථාවේ බෞද්ධ ශිෂ්ටාචාර ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමග පිළිතුරු ද ස`දහන් කොට ඇති බව දැනගෙන තිබේ. ප‍්‍රශ්න පත‍්‍රයේ මුල් පිටුවේ ප‍්‍රශ්න 08ක් ස`දහන් කොට ඇති අතර 02, 03, 04 යන පිටුවල එම ප‍්‍රශ්නවලට අදාළ පිළිතුරු ස`දහන් කොට තිබී ඇත. පසුව කලාප අධ්‍යාපන කාර්යාල මගින් ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න පමණක් ඇති මුල්පිටුව ඡුායාපිටපත් කොට ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත. මේ නිසා පාසල්වල විදුහල්පතිවරුද දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. ඇතැම් පාසල්වල ඡුායාපිටපත් යන්ත‍්‍ර නොමැති අතර මේ නිසා එම පාසල්වල විදුහල්පතිවරු නැවත ප‍්‍රශ්න පමණක් ඡුායා පිටපත් කිරීමේදී ගැටලූ රැුසකට ලක්වූහ.

මේ පිළිබ`ද විමසීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද එය සාර්ථක නොවීය.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment