උ.පෙළ විභාගයට සියල්ල ලෑස්තියි – පැය තුනේ ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක්

88

විභාග කොමසාරිස් ජනරාල්

අද (23 දා) ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ද පැය 03 ක ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේදී අමතර විනාඩි 10 ක් ලබාදීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මධ්‍යස්ථාන 2200 කදී විභාගය පැවැත්වෙන අතර ඊයේ (22 දා) වනවිට විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රශ්න පත්‍ර ඇතුළු ලිපි ලේඛන යැවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ද හෙතෙම කීවේය.

විභාගය සඳහා අයැදුම්කරුවන් 331,709 ක් සහභාගිවීමට නියමිත අතර, විභාගය ආරම්භවීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

විභාගය පැවැත්වීමේදී පැනනැඟිය හැකි ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන, දුම්රිය, පොලිසිය, හමුදාව, ආපදා කළමනාකරණය ඇතුළු සියලු අංශයන් සමඟ සාකච්ඡා කොට අවසන් බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ඔවුන්ගේ සහාය ලබාදීමට එකඟතාව ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා පැවසීය.

පැය 03 ක ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමට යම් කාලයක් ගතවන නිසා අමතර විනාඩි 10 ක් ලබාදීමට පියවර ගෙන ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment