උ/පෙළ විභාගය යොදාගත් දිනවලම

119

උසස් පෙළ විභාගය (2022) දින යොදාගෙන තිබෙන ආකාරනේම පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 05 වැනිදා පවත්වන බවත් උසස් පෙළ විභාගය දෙසැම්බර් 06 වැනිදා ආරම්භ වී ජනවාරි 02 දක්වා පැවැත්වෙන බවත් ඒ මහතා කීය.

විභාගය කල් දමන ලෙස බොහෝ විට ඉල්ලීම් කරන්නේ වරක් හෝ දෙවරක් විභාගයට පෙනී සිටි සිසුන් කිහිපදෙනකු බවත් පළමු වරට පෙනී සිටින සිසුන්ගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී නොමැති බවත් ධර්මසේන මහතා කීය.

මෙම උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මාසයේ පවත්වා අවසන් කිරීමට නියමිතව තිබූ විභාගයක් බවත් කොරෝනා, ගුරු වර්ජනය වැනි හේතු නිසා කල් ගිය බවත් හෙතෙම කීය. මෙම විභාගය තවදුරටත් කල් දැමීමට යෑමෙන් දරුවන්ගේ කාලය තවත් ඉදිරියට යෑමක් සිදුවන බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් 2021 උසස් පෙළ විභාගය ප්‍රතිඵල දෙස බැලීමේදී පළමුවර පෙනී සිටි දරුවන් ඉදිරියෙන් සිටි බවත් ඊට පෙර වර්ෂවල එම තත්ත්වය දක්නට තිබුණු බවත් ඔහු කීය.

චමින්ද සිල්වා\

advertistmentadvertistment
advertistmentadvertistment